අවසන් ගෞරවය – සයන්තන් / இறுதி வணக்கம்
පරිවර්තනය – ජී. ජී. සරත් ආනන්ද මගේ නෙත ගැටුණු මොහොතේ වලවන් තම පාදවලට පහළින් සිටි කොළ පැහැති, තෙත් ගතියෙන් යුත්, පිට මත කළු පැහැ තිත් සහිත ඒ ගෙම්බාගේ සිරුර මතට අතෙහි දරා සිටි කැඩුණු කොන්ක්‍රීට් ගල් කැබැල්ල ‘දඩස්’ හඬින් අතහැරියේය. ‘චිරිස්’ හඬක් මතුවිය. එක්තරා අප්‍රසන්න හැඟීමකින් මිරිකී සිටි මම වහා දෑස් වසා දත්මිටි කෑවෙමි. වලවන්ට …